Saturday, April 12, 2014

මොනවද මේ SKY..........???

හැඳින්වීම

SKY කියන්නේ Pantech කියන දකුණු කොරියානු ජංගම දුරකතන නිෂ්පාදන සමාගම විසින් කොරියානු වෙළෙඳපලට හඳුන්වාදීපු ජංගම දුරකතන මාලාව.සමාගම පටන්ගත්තේ 1991 Byeong-Yeop Park ගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන කාර්යාලය තියෙන්නේ දකුණු කොරියාවේ සෝල් අගනුවර. ප්‍රධාන වෙළෙඳපල දකුණු කොරියාව වුවත් එක්සත් ජනපදය, ජපානය, චීනය හා යුරෝපිය වෙළෙඳපල සඳහාත් නිෂ්පාදන සිදුකරනවා. 2012 වන විට දකුණු කොරියාවේ දෙවෙනි විශාලතම ජංගම දුරකතන අලෙවිය වාර්තාවන්නේ SKY.  
මේක තමයි නිල වෙබ් අඩවිය http://www.pantech.com/

ජනප්‍රිය SKY මාදිලි  

  • SKY Vega  Racer
  • SKY Vega LTE
  • SKY Vega LTE M
  • SKY Vega LTE EX
  • SKY Vega Racer2
  • SKY Vega Racer S5
  • SKY Vega Racer3
  • SKY Vega N6
  • SKY Vega Iron
  • SKY Vega LTE-A
  • SKY Vega Racer Secret Note
  • SKY Vega Racer Secret UP 

 SKY Vega Racer3 (IM-A850)


 

මෙය වෙළෙඳපලට නිකුත් කලේ 2012 ඔක්තොබර් මාසයේ.  5.3-inch LCD screen, 1.5GHz Quad-core Qualcomm Snapdragon S4 Pro processor සහිත මෙයට 13 MP කැමරාවක් අඩංගු වෙයි. Pantech සමාගම විසින් SKY වෙළෙඳනාමය යටතේ නිකුත්කල 2GB RAM සහිත ප්‍රථම  දුරකතනය මෙය වෙයි. මෙය Samsung සමාගම විසින් නිෂ්පාදනය කල Galaxy Note2, Galaxy S3 දුරකතන වලට විශාල අභියෝගයක් එල්ල කල දුරකතනයක් විය. (S3-1GB RAM, 1.4 GHz Quad-core, 8 MP Camera/ Note 2-2 GB RAM, 1.6 GHz Quad-core, 8 MP Camera)

 SKY Vega LTE-A (IM-A880)

 


මෙය වෙළෙඳපලට නිකුත් කලේ 2013 අගෝස්තු මාසයේ.මෙය ලෝකයේ දෙවැනි LTE-Advanced  සහිත දුරකතනය බවට පත්වුනා. 5.6 inch Full HD display එකක් තියෙනවා. 2GB RAM හා 32 GB internal memory එකක් තියෙනවා. 2.3GHz Snapdragon 800 quad-core processor හා 13MP Camera එකක් තියෙනවා. තවද Fingerprint Scanner එකක් සහිතයි. ඒ කියන්නේ fingerprint එකෙන් පුලුවන් unlock කරන්න. 

 SKY Vega Secret Note (IM-A890)





මෙය වෙළෙඳපලට නිකුත් කලේ 2013 ඔක්තොබර් මාසයේ. 5.9-inch LCD screen, 2.3 GHz Snapdragon 800 MSM8974 quad-core processor සහිත මෙයට 13 MP කැමරාවක් අඩංගු වෙයි. 2GB RAM හා 32 GB internal memory එකක් තියෙනවා. Samsung Galaxy Note 3 දුරකතනයට අභියෝගයක් වූ මෙය නිකුත් වී පලමු දින 30 ඇතුලත දුරකතන 200,000 අලෙවියක් සිදුවීමට තරම් ජනප්‍රිය විය. 

පහල තියෙන වගුවෙ තියෙනවා ඉහත නම් සඳහන් කල දුරකතන සියල්ලෙහි සංසන්දනාත්මක විග්‍රහයක්.


Samsung වගේම තමයි SKY වලත් තියෙනවා  Anycall, Olleh, LG U+ කියලා brands තුනක්තියෙනවා
කොරියාවේ තියෙනවා දුරකතන සම්බන්ධතා ((Network providers) ලබාදෙන company තුනක් (අපේ රටේ නම් Dialog, Mobitel, Airtel, Hutch, Etisalat). මේ company තමයි දුරකතන නිකුත් කරන්නේ 

මේ තියෙන්නේ ඒ තුන. මම link එකත් දාලා තියෙනවා official website එකේ. ඕන කෙනෙකුට ගිහින් බලලා සැකහැර ගන්න පුලුවන් (මේවා කොරියන් භාෂාවෙන් තියෙන්නේ. Google chrome වලින් open කරනකොට automatically එනවා English translation එක )

1. SKT Telekom (http://www.sktelecom.com/)

2. Korean Telekom/KT corporation (http://www.ktexpatblog.com/)

3. LG U+ Corporation (http://www.uplus.co.kr/)

අපේ රටේ වගේ නෙවෙයි කොරියාවේ අලුත් දුරකතනයක් ගන්නකොට මේ company තුනෙන් එකකින් තමයි ගන්න ඔනේ. කොරියාවේ විතරක් නෙවෙයි, යුරෝපයේ ගොඩක් රටවල මේ ක්‍රමය තමයි තියෙන්නේ.
SKT Telekom ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි Anycall KT corporation ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි Olleh LG U+ Corporation ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි U+


SKY වල  Copy නැහැ

Samsung වගේ නෙවෙයි SKY වල Copy/Clone/Replica නැහැ. ඒ නිසා මිලදී ගන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ.

ලංකාවේ තියෙන තත්වය

SKY phone වල තත්වය ගොඩක් ඉහල තලයක තිබුන වුනත් අපේ රටේ SKY වලට හොඳ වෙලෙඳපොලක් නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ගෙන්වන නිල වෙළෙඳ නියොජිතයෙක් (Authorized Dealer) නොමැතිකම. මේනිසා අමතර කොටස් ගන්න ගියාම හොයාගන්න අමාරුයි. ඒ නිසා SKY වලට ලංකාවේ හොඳ පිලිගැනීමක් ලැබිලා නැහැ. දැනට ලංකාවේ තියෙන phones ටික ගෙනල්ල තියෙන්නේ කොරියාවෙ ඉඳලා ලංකාවට එන අපේ අය. නමුත් මේවා අලුත්වැඩියා කරන්න software කරන්න දන්න අය ලංකාවේ ඕන තරම් ඉන්නවා.

SKY ගැන තව විස්තර දන්න අය comment කරන්න. එතකොට මට පුලුවන් ඒවත් post එකට ඇතුලත් කරන්න.  

  *********************************************************************************

නියම කොරියන් දුරකතන ගැන දැනගන්න, පහත Facebook group එකට එකතුවෙන්න

 

https://www.facebook.com/groups/koreanphone/


12 comments:

  1. Vega Britest star in tha SKY .....

    ReplyDelete
  2. Anycall kiyanne samsung walin gahana phone witharai neda? poddak hoyala balanna

    ReplyDelete
    Replies
    1. නැහැ. Anycall brand එක Samsung වලට විතරක් නෙවෙයි, SKY, LG වලටත් තියෙනවා. Anycall කියන්නේ phone හදන company එකක් නෙවෙයි, network provider කෙනෙක්

      Delete
    2. ape unta anycal gene kuppiyak daana one !

      Delete
  3. machn pattama 4n 1k mn use kara.bettry life maru machn.but parts nti nisa dila demma

    ReplyDelete
    Replies
    1. SKY වලට හොඳ තැනක් හැදෙයි

      Delete
  4. SKY phone ganna wanam ewaye price kohamada? (lankawe mudalin) plz help me

    ReplyDelete
    Replies
    1. Ask from this facebook group https://www.facebook.com/groups/koreanphone/

      Delete
  5. මම sky 770 phone එකක් ගත්තා එකෙ mmi code සහ sms international කරන්නැතුව හදන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. Ask from this facebook group https://www.facebook.com/groups/koreanphone/

      Delete
  6. Any Call kiyanne Vodafone wage Network Provider kenekne.., Mehe Dialog Phone Wage Thamai., Eheth ita wadiya Performance wadi.,

    ReplyDelete