Tuesday, April 1, 2014

කොරියන් දුරකතන ගැන අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා

බොහෝ දෙනෙක් අදවන විටත් කොරියන් දුරකතන ගැන හරි හැටි අවබෝධයක් නැහැ. ඒත් අපේ යාලුවෝ ටික දෙනෙක් හරි කරන දැනුවත් කිරීම් නිසා දැන් දැන් මේ ගැන දන්න පිරිස වැඩි වෙමින් පවතිනවා. ඒ ගැන අපට සතුටුයි. දැන් ගොඩක් දෙනෙක් කොරියන් දුරකතන ගැන කතාවෙනවා Facebook group වල අපි දැකලා තියෙනවා.

අපේ යාලුවෙක් කොරියන් දුරකතනයක් විකුණගන්න ගිහින්, දුරකතනය ගන්න ගිය කෙනා කොරියන් දුර්කතන ගැන හරිහැටි අවබොධයක් නැතුව සිටි නිසා විකුණන්න ගිය අපේ යාලුවා මුහුණ දීපු අකරතැබ්බය නිසාම මෙයාට ඕන වුනා කොරියන් දුරකතන ගැන අපේ යලුවන්ව දැනුවත් කරන්න. ඒ නිසා මෙයා facebook එකේ group එකකුත් හැදුවා. මේ තියෙන්නේ ඒ group එක.

https://www.facebook.com/groups/koreanphone/

මේකට ගිහින් බලන්න. ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න, කොරියන් දුරකතනවලට නොයෙක් විදියේ උපකාර මෙතනින් ලබා ගන්න පුලුවන්.සමහර අය දැනටමත් මේකේ ඉන්නව වෙන්න පුලුවන්. නැති අය එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.අපි විතරක් වෙනෙයි අන්තර්ජාලයේ හොයලා බැලුවම ගොඩක් ලිපි තියෙනවා කොරියන් දුරකතන ගැන. ඒවා ලියලා තියෙන්නේ මීට ගොඩක් ඉස්සර. පහත තියෙනවා ඒවයේ links. ඒවටත් ගිහින් කියවලා බලන්න.

මේවා හොයා ගත්තේ Elakiri.com එකෙන්, මේවා ලියාපු අයට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

මොනවද මේ Anycall
http://www.elakiri.com/forum/showthread.php?t=1560331&highlight=Anycall

Original~Anycall~Chinese වෙනස
http://www.elakiri.com/forum/showthread.php?t=1568328highlight=anycall%2C+korean%2C+chinese

මේතියෙන්නේ කොරියන් දුරකතන ගැන අපි ලියපු ලිපිය


SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද......!!!
http://androidhelpsl.blogspot.com/2014/03/samsung-original-korean.html



වර්තමාන තත්වය

ඔහොම ඉන්න අතරේ තමයි මේ කොරියන් කිය කිය බාල චයිනීස් දුරකතන වෙළෙඳපලට ආවේ. මුලින්ම අපේ අය හිතුවේ මේවා ඇත්තටම කොරියන් කියලා. මේවා ගැන අපි දීර්ඝ වශයෙන් සාකඡ්චා කලා. ඒ ලිපියේ එක පහල තියෙනවා. බලපු නැති අයට ගිහින් බලන්න පුලුවන්.

S4, Note3, S4 mini, S3 mini, S3 බාල Copy/Replica හැමතැනම, එසේනම් කල යුත්තේ කුමක්ද...???
http://androidhelpsl.blogspot.com/2014/03/s4-note3-s4-mini-s3-mini-s3-copyreplica.html

මේක දැන් වසංගතයක් විදියට පැතිරිලා. හැම තැනම තියෙනවා දැන්වීම දාලා. මේකේ තියෙන බරපතලකම තමයි මේවා විකුණන්නේ කියලා Copy නෙවෙයි, Original කියලා. විකුණන අය හොඳටම දන්නවා මේවා copy කියලා, එත් ඉන්නේ ඒබව ඒ අයත් නොදන්න ගානට.  ඒ විදියට තමයි මේ ජාවාරම කරගෙන යන්නේ. දැන්වීමේ විස්තරේ දාලා තියෙන්නේ original කියලා. ඒත් දන්න අය ප්‍රශ්න කරද්දි සමහර අය පිලිගන්නවා copy කියලා, ඒ අතරේ ලිස්සලා යන අයත් ඉන්නවා. මෙහෙම බාල වර්ගයේ copy, original ලෙස විකිණීම නිතිවිරෝධි ක්‍රියාවක්.


මෙන්න අලුත්ම කටකතාව

ඉතින් මේ ගැන අපේ යාලුවො දැනුමත් වෙද්දි මේවා ගැන ප්‍රශ්න කරද්දි මේ අයගෙ මේ හොර businessඑක කඩා වැටෙන්න පටන් අරගෙන. මොකද දැන අපේ අය දන්නවා original Korean කියලා විකුණන Chinese copy එකයි, original Korean එකයි වෙන්කරලා අඳුරගන්න. ඒ හින්දා මේ අය හදලා තියෙනවා අපූරු කතාවක්, "Anycall, Olleh හදන්නේ ඉංදියාවේ කියලා". මේක පතුරුවන්න blog එකකුත් ලියලා. මේ blog එක පතුරුවන්න වෙනම කට්ටියක් දාලා ඉන්නේ. සමහරවිට දැනටමත් ඔය අය දැකලා ඇති. මේ අයගේ අරමුණ තමයි Korean version phones වලට තියෙන ප්‍රතිරූපය නැතිකරලා දාන එක. මේක එක කටකතාවක් විතරයි, තව ඉස්සරහට තව තව දේවල් කියන්න ගනිවි.


මොකක්ද ඇත්ත...?

ඉංදියාවේ තියා කොරියාවෙ වත් නැහැ, Anycall, Olleh දුරකතන හදන  company. Anycall, Olleh, U+ කියන්නේ වෙළෙඳ නාමයන් තුනක් විතරයි.  කොරියාවේ දුරකතන හදන ප්‍රධාන company තුන තමයි Samsung, LG, SKY කියන්නේ. කොරියාවේ තියෙනවා දුරකතන සම්බන්ධතා ((Network providers) ලබාදෙන company තුනක් (අපේ රටේ නම් Dialog, Mobitel, Airtel, Hutch, Etisalat). මේ company එකකින් වත් දුරකතන හදන්නේ නැහැ.

මේ තියෙන්නේ ඒ තුන. මම link එකත් දාලා තියෙනවා official website එකේ. ඕන කෙනෙකුට ගිහින් බලලා සැකහැර ගන්න පුලුවන් (මේවා කොරියන් භාෂාවෙන් තියෙන්නේ. Google chrome වලින් open කරනකොට automatically එනවා English translation එක )

1. SKT Telekom (http://www.sktelecom.com/)

2. Korean Telekom/KT corporation (http://www.ktexpatblog.com/)

3. LG U+ Corporation (http://www.uplus.co.kr/)

අපේ රටේ වගේ නෙවෙයි කොරියාවේ අලුත් දුරකතනයක් ගන්නකොට මේ company තුනෙන් එකකින් තමයි ගන්න ඔනේ. කොරියාවේ විතරක් නෙවෙයි, යුරෝපයේ ගොඩක් රටවල මේ ක්‍රමය තමයි තියෙන්නේ.

SKT Telekom ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි Anycall
KT corporation ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි Olleh
LG U+ Corporation ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි U+

Samsung phones විතරක් නෙවෙයි, LG, SKY phone වලත් තියෙනවා Anycall, Olleh, U+ කියලා.

කටකතාවලට රැවටෙන්න එපා. ඇත්ත මොකක්ද කියලා විමසිල්ලේන් හොයලා බලන්න. අපි කියනදේ විතරක් පිලිගන්න එපා, ඔයාලම internet ගිහිල්ලා තව හොයලා බලන්න. ඔන්න හැමතොරතුරක්ම දාලා තියෙනවා link එක්කම. මේවා කිසි දෙයක් කවුරුවත් අපිට කියලා දීපු ඒවා නෙවෙයි, මහන්සිවෙලා හොයා ගත්ත දේවල්. මෙකේ නැති තොරතුරු තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න.

මේ කටකතාවලට විරුද්ධව සටන්කරන්න ආයුධ දෙකක් තියෙනවා. ඒ දෙක පාවිච්චි කරන්න. එතකොට හරියයි.


1. දැනුවත් වෙන්න

2. අන් අය දැනුවත් කරන්න





*********************************************************************************

නියම කොරියන් දුරකතන ගැන දැනගන්න, පහත Facebook group එකට එකතුවෙන්න

 

https://www.facebook.com/groups/koreanphone/



4 comments:

  1. මට ඔබෙන් දැන ගන්න ප්‍රශ්න 3 ක් තියනව. ඔබේ ප්‍රතිචාර දන්වන මෙන් කාරුනිකව ඉල්ලනව.

    1) අපි original korea phone (anycall,olleh etc..) ගත්තොත් උදාහරනයක් විදිහට anycal Samsung galaxy S2 එකක්. අපිට ඒකෙ part .එකක් replace. කරන්න උනොත්(display,touch screen,IC) වගේ ඒවට ඒ model. එකේම international phone parts ගැලපෙනවද? මොකද ebay එකේ එහෙම ගොඩක් තියෙන්නෙ international parts

    2) ඒ වගේම international model නැති phones උදාහරන විදිහට Lg su870, Lg su760 වගේ korea වලටම නිශ්පාදනය කරන දුරකතනයක parts ගන්න උනොත් අපිට ebay වගේ online parts ගන්න තැන් තියනවද. මොකද ebay එකේ korea phone වල parts නෑ

    3) korea ඒ කට්ටියට use කරන්න ගහන්නෙ හොදම phone කීවට සමහර දේවල් international එක තරන් නෑ නේද. මොකද මම korea galaxy s2(anycal) එකක්යි international s2 එකකයි ram check කරා. international එකේ 1024MB.. පෙන්නනව ඒත් korea එකේ 700-800MB අතර ගානක් පෙන්නනෙ.

    ReplyDelete
    Replies
    1. Answers............
      1. Korean Samsung wala International eke parts gelapenne S2 eke witharayi. Den nam samahara shops wala korean parts tiyenawa.

      2. Given in 1

      3. Korean eke S2 ekayi, International ekayi galawala baluwoth thereyi koi ekeda hardware honda kiyala

      Delete
  2. මම sky 770 phone එකක් ගත්තා එකෙ mmi code සහ sms international කරන්නැතුව හදන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. Ask from this facebook group https://www.facebook.com/groups/koreanphone/

      Delete