Saturday, April 12, 2014

මොනවද මේ SKY..........???

හැඳින්වීම

SKY කියන්නේ Pantech කියන දකුණු කොරියානු ජංගම දුරකතන නිෂ්පාදන සමාගම විසින් කොරියානු වෙළෙඳපලට හඳුන්වාදීපු ජංගම දුරකතන මාලාව.සමාගම පටන්ගත්තේ 1991 Byeong-Yeop Park ගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන කාර්යාලය තියෙන්නේ දකුණු කොරියාවේ සෝල් අගනුවර. ප්‍රධාන වෙළෙඳපල දකුණු කොරියාව වුවත් එක්සත් ජනපදය, ජපානය, චීනය හා යුරෝපිය වෙළෙඳපල සඳහාත් නිෂ්පාදන සිදුකරනවා. 2012 වන විට දකුණු කොරියාවේ දෙවෙනි විශාලතම ජංගම දුරකතන අලෙවිය වාර්තාවන්නේ SKY.  
මේක තමයි නිල වෙබ් අඩවිය http://www.pantech.com/

ජනප්‍රිය SKY මාදිලි  

  • SKY Vega  Racer
  • SKY Vega LTE
  • SKY Vega LTE M
  • SKY Vega LTE EX
  • SKY Vega Racer2
  • SKY Vega Racer S5
  • SKY Vega Racer3
  • SKY Vega N6
  • SKY Vega Iron
  • SKY Vega LTE-A
  • SKY Vega Racer Secret Note
  • SKY Vega Racer Secret UP 

 SKY Vega Racer3 (IM-A850)


 

මෙය වෙළෙඳපලට නිකුත් කලේ 2012 ඔක්තොබර් මාසයේ.  5.3-inch LCD screen, 1.5GHz Quad-core Qualcomm Snapdragon S4 Pro processor සහිත මෙයට 13 MP කැමරාවක් අඩංගු වෙයි. Pantech සමාගම විසින් SKY වෙළෙඳනාමය යටතේ නිකුත්කල 2GB RAM සහිත ප්‍රථම  දුරකතනය මෙය වෙයි. මෙය Samsung සමාගම විසින් නිෂ්පාදනය කල Galaxy Note2, Galaxy S3 දුරකතන වලට විශාල අභියෝගයක් එල්ල කල දුරකතනයක් විය. (S3-1GB RAM, 1.4 GHz Quad-core, 8 MP Camera/ Note 2-2 GB RAM, 1.6 GHz Quad-core, 8 MP Camera)

 SKY Vega LTE-A (IM-A880)

 


මෙය වෙළෙඳපලට නිකුත් කලේ 2013 අගෝස්තු මාසයේ.මෙය ලෝකයේ දෙවැනි LTE-Advanced  සහිත දුරකතනය බවට පත්වුනා. 5.6 inch Full HD display එකක් තියෙනවා. 2GB RAM හා 32 GB internal memory එකක් තියෙනවා. 2.3GHz Snapdragon 800 quad-core processor හා 13MP Camera එකක් තියෙනවා. තවද Fingerprint Scanner එකක් සහිතයි. ඒ කියන්නේ fingerprint එකෙන් පුලුවන් unlock කරන්න. 

 SKY Vega Secret Note (IM-A890)





මෙය වෙළෙඳපලට නිකුත් කලේ 2013 ඔක්තොබර් මාසයේ. 5.9-inch LCD screen, 2.3 GHz Snapdragon 800 MSM8974 quad-core processor සහිත මෙයට 13 MP කැමරාවක් අඩංගු වෙයි. 2GB RAM හා 32 GB internal memory එකක් තියෙනවා. Samsung Galaxy Note 3 දුරකතනයට අභියෝගයක් වූ මෙය නිකුත් වී පලමු දින 30 ඇතුලත දුරකතන 200,000 අලෙවියක් සිදුවීමට තරම් ජනප්‍රිය විය. 

පහල තියෙන වගුවෙ තියෙනවා ඉහත නම් සඳහන් කල දුරකතන සියල්ලෙහි සංසන්දනාත්මක විග්‍රහයක්.


Samsung වගේම තමයි SKY වලත් තියෙනවා  Anycall, Olleh, LG U+ කියලා brands තුනක්තියෙනවා
කොරියාවේ තියෙනවා දුරකතන සම්බන්ධතා ((Network providers) ලබාදෙන company තුනක් (අපේ රටේ නම් Dialog, Mobitel, Airtel, Hutch, Etisalat). මේ company තමයි දුරකතන නිකුත් කරන්නේ 

මේ තියෙන්නේ ඒ තුන. මම link එකත් දාලා තියෙනවා official website එකේ. ඕන කෙනෙකුට ගිහින් බලලා සැකහැර ගන්න පුලුවන් (මේවා කොරියන් භාෂාවෙන් තියෙන්නේ. Google chrome වලින් open කරනකොට automatically එනවා English translation එක )

1. SKT Telekom (http://www.sktelecom.com/)

2. Korean Telekom/KT corporation (http://www.ktexpatblog.com/)

3. LG U+ Corporation (http://www.uplus.co.kr/)

අපේ රටේ වගේ නෙවෙයි කොරියාවේ අලුත් දුරකතනයක් ගන්නකොට මේ company තුනෙන් එකකින් තමයි ගන්න ඔනේ. කොරියාවේ විතරක් නෙවෙයි, යුරෝපයේ ගොඩක් රටවල මේ ක්‍රමය තමයි තියෙන්නේ.
SKT Telekom ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි Anycall KT corporation ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි Olleh LG U+ Corporation ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි U+


SKY වල  Copy නැහැ

Samsung වගේ නෙවෙයි SKY වල Copy/Clone/Replica නැහැ. ඒ නිසා මිලදී ගන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ.

ලංකාවේ තියෙන තත්වය

SKY phone වල තත්වය ගොඩක් ඉහල තලයක තිබුන වුනත් අපේ රටේ SKY වලට හොඳ වෙලෙඳපොලක් නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ගෙන්වන නිල වෙළෙඳ නියොජිතයෙක් (Authorized Dealer) නොමැතිකම. මේනිසා අමතර කොටස් ගන්න ගියාම හොයාගන්න අමාරුයි. ඒ නිසා SKY වලට ලංකාවේ හොඳ පිලිගැනීමක් ලැබිලා නැහැ. දැනට ලංකාවේ තියෙන phones ටික ගෙනල්ල තියෙන්නේ කොරියාවෙ ඉඳලා ලංකාවට එන අපේ අය. නමුත් මේවා අලුත්වැඩියා කරන්න software කරන්න දන්න අය ලංකාවේ ඕන තරම් ඉන්නවා.

SKY ගැන තව විස්තර දන්න අය comment කරන්න. එතකොට මට පුලුවන් ඒවත් post එකට ඇතුලත් කරන්න.  

  *********************************************************************************

නියම කොරියන් දුරකතන ගැන දැනගන්න, පහත Facebook group එකට එකතුවෙන්න

 

https://www.facebook.com/groups/koreanphone/


Tuesday, April 1, 2014

කොරියන් දුරකතන ගැන අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා

බොහෝ දෙනෙක් අදවන විටත් කොරියන් දුරකතන ගැන හරි හැටි අවබෝධයක් නැහැ. ඒත් අපේ යාලුවෝ ටික දෙනෙක් හරි කරන දැනුවත් කිරීම් නිසා දැන් දැන් මේ ගැන දන්න පිරිස වැඩි වෙමින් පවතිනවා. ඒ ගැන අපට සතුටුයි. දැන් ගොඩක් දෙනෙක් කොරියන් දුරකතන ගැන කතාවෙනවා Facebook group වල අපි දැකලා තියෙනවා.

අපේ යාලුවෙක් කොරියන් දුරකතනයක් විකුණගන්න ගිහින්, දුරකතනය ගන්න ගිය කෙනා කොරියන් දුර්කතන ගැන හරිහැටි අවබොධයක් නැතුව සිටි නිසා විකුණන්න ගිය අපේ යාලුවා මුහුණ දීපු අකරතැබ්බය නිසාම මෙයාට ඕන වුනා කොරියන් දුරකතන ගැන අපේ යලුවන්ව දැනුවත් කරන්න. ඒ නිසා මෙයා facebook එකේ group එකකුත් හැදුවා. මේ තියෙන්නේ ඒ group එක.

https://www.facebook.com/groups/koreanphone/

මේකට ගිහින් බලන්න. ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න, කොරියන් දුරකතනවලට නොයෙක් විදියේ උපකාර මෙතනින් ලබා ගන්න පුලුවන්.සමහර අය දැනටමත් මේකේ ඉන්නව වෙන්න පුලුවන්. නැති අය එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.අපි විතරක් වෙනෙයි අන්තර්ජාලයේ හොයලා බැලුවම ගොඩක් ලිපි තියෙනවා කොරියන් දුරකතන ගැන. ඒවා ලියලා තියෙන්නේ මීට ගොඩක් ඉස්සර. පහත තියෙනවා ඒවයේ links. ඒවටත් ගිහින් කියවලා බලන්න.

මේවා හොයා ගත්තේ Elakiri.com එකෙන්, මේවා ලියාපු අයට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

මොනවද මේ Anycall
http://www.elakiri.com/forum/showthread.php?t=1560331&highlight=Anycall

Original~Anycall~Chinese වෙනස
http://www.elakiri.com/forum/showthread.php?t=1568328highlight=anycall%2C+korean%2C+chinese

මේතියෙන්නේ කොරියන් දුරකතන ගැන අපි ලියපු ලිපිය


SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද......!!!
http://androidhelpsl.blogspot.com/2014/03/samsung-original-korean.html



වර්තමාන තත්වය

ඔහොම ඉන්න අතරේ තමයි මේ කොරියන් කිය කිය බාල චයිනීස් දුරකතන වෙළෙඳපලට ආවේ. මුලින්ම අපේ අය හිතුවේ මේවා ඇත්තටම කොරියන් කියලා. මේවා ගැන අපි දීර්ඝ වශයෙන් සාකඡ්චා කලා. ඒ ලිපියේ එක පහල තියෙනවා. බලපු නැති අයට ගිහින් බලන්න පුලුවන්.

S4, Note3, S4 mini, S3 mini, S3 බාල Copy/Replica හැමතැනම, එසේනම් කල යුත්තේ කුමක්ද...???
http://androidhelpsl.blogspot.com/2014/03/s4-note3-s4-mini-s3-mini-s3-copyreplica.html

මේක දැන් වසංගතයක් විදියට පැතිරිලා. හැම තැනම තියෙනවා දැන්වීම දාලා. මේකේ තියෙන බරපතලකම තමයි මේවා විකුණන්නේ කියලා Copy නෙවෙයි, Original කියලා. විකුණන අය හොඳටම දන්නවා මේවා copy කියලා, එත් ඉන්නේ ඒබව ඒ අයත් නොදන්න ගානට.  ඒ විදියට තමයි මේ ජාවාරම කරගෙන යන්නේ. දැන්වීමේ විස්තරේ දාලා තියෙන්නේ original කියලා. ඒත් දන්න අය ප්‍රශ්න කරද්දි සමහර අය පිලිගන්නවා copy කියලා, ඒ අතරේ ලිස්සලා යන අයත් ඉන්නවා. මෙහෙම බාල වර්ගයේ copy, original ලෙස විකිණීම නිතිවිරෝධි ක්‍රියාවක්.


මෙන්න අලුත්ම කටකතාව

ඉතින් මේ ගැන අපේ යාලුවො දැනුමත් වෙද්දි මේවා ගැන ප්‍රශ්න කරද්දි මේ අයගෙ මේ හොර businessඑක කඩා වැටෙන්න පටන් අරගෙන. මොකද දැන අපේ අය දන්නවා original Korean කියලා විකුණන Chinese copy එකයි, original Korean එකයි වෙන්කරලා අඳුරගන්න. ඒ හින්දා මේ අය හදලා තියෙනවා අපූරු කතාවක්, "Anycall, Olleh හදන්නේ ඉංදියාවේ කියලා". මේක පතුරුවන්න blog එකකුත් ලියලා. මේ blog එක පතුරුවන්න වෙනම කට්ටියක් දාලා ඉන්නේ. සමහරවිට දැනටමත් ඔය අය දැකලා ඇති. මේ අයගේ අරමුණ තමයි Korean version phones වලට තියෙන ප්‍රතිරූපය නැතිකරලා දාන එක. මේක එක කටකතාවක් විතරයි, තව ඉස්සරහට තව තව දේවල් කියන්න ගනිවි.


මොකක්ද ඇත්ත...?

ඉංදියාවේ තියා කොරියාවෙ වත් නැහැ, Anycall, Olleh දුරකතන හදන  company. Anycall, Olleh, U+ කියන්නේ වෙළෙඳ නාමයන් තුනක් විතරයි.  කොරියාවේ දුරකතන හදන ප්‍රධාන company තුන තමයි Samsung, LG, SKY කියන්නේ. කොරියාවේ තියෙනවා දුරකතන සම්බන්ධතා ((Network providers) ලබාදෙන company තුනක් (අපේ රටේ නම් Dialog, Mobitel, Airtel, Hutch, Etisalat). මේ company එකකින් වත් දුරකතන හදන්නේ නැහැ.

මේ තියෙන්නේ ඒ තුන. මම link එකත් දාලා තියෙනවා official website එකේ. ඕන කෙනෙකුට ගිහින් බලලා සැකහැර ගන්න පුලුවන් (මේවා කොරියන් භාෂාවෙන් තියෙන්නේ. Google chrome වලින් open කරනකොට automatically එනවා English translation එක )

1. SKT Telekom (http://www.sktelecom.com/)

2. Korean Telekom/KT corporation (http://www.ktexpatblog.com/)

3. LG U+ Corporation (http://www.uplus.co.kr/)

අපේ රටේ වගේ නෙවෙයි කොරියාවේ අලුත් දුරකතනයක් ගන්නකොට මේ company තුනෙන් එකකින් තමයි ගන්න ඔනේ. කොරියාවේ විතරක් නෙවෙයි, යුරෝපයේ ගොඩක් රටවල මේ ක්‍රමය තමයි තියෙන්නේ.

SKT Telekom ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි Anycall
KT corporation ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි Olleh
LG U+ Corporation ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි U+

Samsung phones විතරක් නෙවෙයි, LG, SKY phone වලත් තියෙනවා Anycall, Olleh, U+ කියලා.

කටකතාවලට රැවටෙන්න එපා. ඇත්ත මොකක්ද කියලා විමසිල්ලේන් හොයලා බලන්න. අපි කියනදේ විතරක් පිලිගන්න එපා, ඔයාලම internet ගිහිල්ලා තව හොයලා බලන්න. ඔන්න හැමතොරතුරක්ම දාලා තියෙනවා link එක්කම. මේවා කිසි දෙයක් කවුරුවත් අපිට කියලා දීපු ඒවා නෙවෙයි, මහන්සිවෙලා හොයා ගත්ත දේවල්. මෙකේ නැති තොරතුරු තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න.

මේ කටකතාවලට විරුද්ධව සටන්කරන්න ආයුධ දෙකක් තියෙනවා. ඒ දෙක පාවිච්චි කරන්න. එතකොට හරියයි.


1. දැනුවත් වෙන්න

2. අන් අය දැනුවත් කරන්න





*********************************************************************************

නියම කොරියන් දුරකතන ගැන දැනගන්න, පහත Facebook group එකට එකතුවෙන්න

 

https://www.facebook.com/groups/koreanphone/



Saturday, March 29, 2014

S4, Note3, S4 mini, S3 mini, S3 බාල Copy/Replica හැමතැනම, එසේනම් කල යුත්තේ කුමක්ද...???

ඉතිහාසය...,

අනෙක් ඉලෙක්ට්‍රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි.  Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල් (Seoul) අගනුවර. චීනයට එලවලු, පලතුරු හා මාලු අපනයනය කරන සමාගමක් විදියට තමයි ආරම්භ වෙන්නේ. 40 දශකයේ අගභාගය වන විට පිටි ඇඹරුම්හල් හා රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලා Samsung සමාගමසතුව තිබුණා. 1958 සිට 1970 දක්වා ඔවුන්ගේ වෙළෙඳ කටයුතු මුල්‍ය, මාධ්‍ය, රසායනද්‍රවය හා නැව් නිපදවීම දක්වා පුලුල් කරන ලදී. 

1969 දි Samsung Electronics සමාගම ආරම්භ කලා. මුලින්ම රූපවාහිනි, ගුවන් විදුලි හා පරිගණක කොටස් නිෂ්පාදනය පටන් ගත්තා. 1983 දී තමන්ගේ ප්‍රථම දුරකතනය ලෙස කාර් රථ සඳහා සවිකල දුරකතනයක් නිපදවූවා. එය අසාර්ථක වූ නමුත් පසුව සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස පළමු ජංගම දුරකතනය වු SH-100 1988 දි නිපදවනු ලැබුවා. එය කොරියාවේ නිපදවු පලමු ජංගම දුරකතනය බවට පත් වුණා. 1994 වන විට ඇමරිකානු සමාගමක් වන Motorola සමාගම විසින් නිපදවන දුරකතන වලට සමාන තාක්ෂණයක් සහිත දුරකතන නිපදවීමට සමත් වුනා. 

1993 නොවැම්බර් මාසයේදි එවකට වෙළෙඳපලේ තිබු "බර අඩුම" ජංගම දුරකතනය වූ  SH-700 නිපදවීමට Samsung සමාගම සමත් වුනා. එහි සෑම දුරකතනයක්ම එකින් එක ගෙන තත්ව පරික්ෂාවක්ට ලක් කලා. වැරදි සහිත දුරකතන සේවකයන් ඉදිරියේදිම පුලුස්සා දමනු ලැබුවා. එසේ සිදුකලේ ඔවුන්ගෙ දුරකතනවල තත්වය (quality) ආරක්ෂා කරගැනීමට. 

1994 ඔක්තෝබරයේදී SH-700 ඉදිරි නිපැයුමක් ලෙස යන "Anycall" වෙළෙඳ නාමය යටතේ තත්වයෙන් ඉතා ඉහල SH-770 දුරකතනය වෙළෙඳ පළට ඉදිරිපත් කලා. Samsung සමාගමේමෙම දියුණුවත් සමග 1995 වන විට කොරියානු වෙළෙඳ පලේ Samsung දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 25.8% දක්වා ඉහල ගිය අතර Motorola දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 42.1% දක්වා පහත බැස තිබුණා. මින් පසුව ඔවුන්ගේ නිෂ්පාදන ඇමෙරිකාව , හොංකොං, බ්‍රසීලය, ලතින් ඇමරිකාව ආදි රටවලට අපනයනය කීරීමට පටන්ගත්තා. මෙහි ප්‍රතිපලයක් ලෙස 1998 දී බ්‍රසීලයේ Samsung දුරකතන නිෂ්පාදනාගාරයක් ආරම්භ කලා.

2012 වන විට ලෝකයේ වැඩිම ජංගම දුරකතන අලෙවි කරන සමාගම බවට Samsung පත්වුනේ එතෙක් පලවෙනි ස්ථානයෙ සිටි Nokia සමාගම දෙවැනි තැනට පත්කරමින්. එය 23% ප්‍රතිශතයක් වුනා. 


අද වන විට...,

2009 සිට අද දක්වා ලෝකයේ විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස Samsung Electronics පලවෙනි ස්ථානයේ පසුවෙනවා. සේවයකන් තුන්ලක්ෂ හැත්තෑදහසකට (370,000)  අධික සේවක පිරිසක්, රටවල් 88ක වෙළෙඳ ජාල හා එකසල් කිරීමේ කර්මාන්ත ශාලා තුල මෙහෙයවන්නට සමාගමට හැකිවී තිබෙනවා. ඉතාමත් ජනප්‍රිය වූ Samsung Galaxy Smart phone series නිකුත් කිරීමෙන් අනතුරුව Apple iphone සමාගම අභිබවමින් smart phone ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීමට අදවනවිට Samsung සමාගමට හැකිවී තිබෙනවා. 

මම ඉතිහාසය ගැන ලියන්න හිතුවෙ වෙන මොකවත් නිසා නෙවෙයි, ලංකාවේ අපේ අය හිතන් ඉන්නේ Samsung කියන්නේ Vietnam වල හෝ China වල පටන් ගත්ත සමගමක් කියලා. කොරියන් එකක් විකුණන්න දැන්වීමක් දාලා තිබුනම "හපොයි කොරියන්ද....., එහෙනම් එපා" කියලා කියන අය ඕන තරම් ඉන්නවා. එහෙම මතයක් රටේ තියෙන්නේ Samsung ඉතිහාසය ගැන දන්නේ නැති නිසා. 

ඒත් Copy හැමතැනම...,

අදවන විට Samsung Galaxy Smart phone series එකේ Copy එහෙම නැත්නම් replica/Clone හැමතැනම විකුණන්න දාලා තියෙනවා. Facebook group වල ikman.lk එකේ ඕන තරම් ads දාලා තියෙනවා දැකලා ඇතිනේ. උදාහරණ විදියට S4, Note 3, S4 mini, S3 mini ජයටම විකුණනවා මේ දවස් වල. S4 එක මුලින්ම ආපු දවස් වල 25,000-30,000 මුදලකට විකුණුවා, එත් දැන්නම් 13,000-20,000 ත් විකුණනවා.

Korean Version කියන්නේ copy නෙවෙයි...,

ඉහත සඳහන් කල ගොඩක් වෙලාවට විකුණන්නේ "Korean Version", "Original Korean" කියන නම් වලින්. සමහර වෙලාවට තියෙනවා " Original Korean version, not a cheap Anycall or Chinese copy" කියලත්. මේවා දැක්කම හිනාත් යනවා.ඒත් මේවා ගන්න අයට sorry තමයි. මේවයේ බැටරි එක අයින් කලාම housing එකේ අලවල තියෙන sticker  එකේ තියෙනවා කියලා "Made in Samsung by Korean" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ කොරියාවේ නෙවෙයි, චීනයේ. මේවාට යොදාගෙන තියෙන්නේ ඉතාමත් බාල තත්වයේ Hardware parts.ඒක නිසා තමයි ඉතාමත් අඩු මුදලකට මේවා විකුණන්නේ. චිනයේ නිෂ්පාදනය කරන නිසා Labor cost එකත් අඩුයි. 

Original Korean Version දුරකතන හඳුනාගන්නේ කොහොමද කියලා දැනගන්න, පිවිසෙන්න මෙතනින්


හැමතැනම තියෙන Copy


අදවන විට බහුලව තිබෙන Copy,

1. Samsung Galaxy S4

S4 එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි "Made in Samsung by Korea" කියලා තියෙන එක. අනෙක් එක තමයි "Made in Samsung by Vietnam කියලා තියෙන එක. මේ දෙකේම Model No. එක තියෙන්නේ GT-i9500 කියලා. ඒ කියන්නේ International version එකේ Model No. එක. නමුත් Korean version එකේ Model No. එක වෙන්නේ SHV-E300S/K/L. මේවා දැනට 13,000-20,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 80,000-90,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 45,000-65,000තරම් මිල වෙනවා.
2. Samsung Galaxy Note 3

මේවා දැනට 20,000-25,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 105,000-115,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 75,000-90,000තරම් මිල වෙනවා.


 මීට අමතරව S4 mini, S3 mini, S3, S2, S, Note 2, Note 1සෑම එකක්ම අඩු වැඩි වශයෙන Copy තියෙනවා. 

ඉහත සඳහන් කල හැම model එකකම තියෙන්නේ International එකේ model no. එකෙන්. ඒ කියන්නේ model no. එක GT- i වලින් පටන් ගන්න ඒවා. නමුත් SHW හෝ SHV වලින් Model No.එක පටන් ගන්න Korean Version වල එකක්වත් copy නැතිබව කිය යුතුයි. ඒ නිසා SHW,SHV වලින් model no.එක පටන් ගන්න phone එකක් මිලදී ගන්න බයවෙන්න දෙයක් නැහැ.

කළ යුත්තේ කුමක්ද...,

මේ විදියට වංචාවෙන් Original කිය කියා බාල  Copy විකුණන ads Facebook group ඕන තරම් දැකලා ඇති. සමහර විට ඔබ ඒවා copy බව දන්නව වෙන්නත් පුලුවන්. ඒත් ඔබ ඒවා copy බව දැන දැනත් ඒ බව ප්‍රකාශ නොකිරීම තුල සිදුවෙන්නේ මෙවැනි වංචනිකයන් තව තවත් දිරිමත් වෙන එක. අනෙක් අතින් මේව ගැන නොදන්න කෙනෙක්,  මහන්සියෙන් හරිහම්බ කරගත්ත සල්ලි නිරපරාදේ වියදම් කරලා අමාරුවේ වැටෙන්න පුලුවන්. සමහර විට ඔබ මෙවැනි දේට හසුවි ලැජ්ජාව නිසා තමන්ට එවැනි දෙයක් සිදුවු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේන් වැළකෙන්න පුලුවන්. 

නමුත් අපි කළයුත්තේ එය නොවෙයි.....,

1. පලමුවෙන්ම දැනුමත් වෙන්න


2. අන් අය දැනුමත් කරන්න


3. මෙවැනි Ads දුටු වහාම Admin ට Report කරන්න


4. තමන් මෙය Copy බව දන්න බවට Comment කරන්න. 

එවිට ads එක දැමු තැනැත්තා දැන ගනිවි මේවා ගැන දන්න අය සිටින බවට. වැදගත්ම දේ තමයි නොදන්නා අය දැන ගනිවි මෙය copy එකක් බව. එසේ කිරිමට පැකිලෙන්න එපා. එය ඔහුගේ businessඑක කඩාකප්පල් කිරීමක් නොවෙයි, වංවාවට එරෙහි වීමක් පමණි. Copy, copy ලෙසම විකුණනවා නම් ප්‍රශ්නයක් නැත. නමුත් ඔවුන් කරන්නේ Copy, Original ලෙස විකිණීමයි.

Blog එකකට අපේ යාලුවෙක් දාල තිබුන comment එකෙකින් උපුටා ගත්ත එකක්...,

ලංකාවට International version Samsung ගෙන්වන බලයලත් නියෝජිතයෝ තමයි John Keells ලයි, Sinhagiri ලයි. ඒ අය කොහොමත් ගෙන්වන්නේ නැහැනෙ. ලංකාවේන් ගත්ත Samsung phone එකක් John Keells ලගෙන් ගත්ත එකක්ද කියල දැන ගන්න පුලුවන් 077 777 2121 එකට EMEI no එක SMS කලා නම්.


*********************************************************************************

නියම කොරියන් දුරකතන ගැන දැනගන්න, පහත Facebook group එකට එකතුවෙන්න

 

https://www.facebook.com/groups/koreanphone/


Saturday, March 22, 2014

How to identify ORIGINAL SAAMSUNG KOREAN VERSION Smart Phones

Preview

This is the English translation of the post "SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද......!!!" which I written in Sinhala for targeting local readers. Due to its language, the readers from other countries couldn't understand what I have pointed out. So, I though to translate it in to English, then the message goes to the more readers.

 Only Few people know well what the Original Samsung Korean Version Smart phones are. But majority don't have a clear idea about those. Most of the people think the Korean version is a copy (Clone/Replica) of International Version. Some people called "Anycall" to Korean Version.

Lets we see what the Korean version mobiles are...,

First you should know that there are several versions of Original Samsung. Checking Model no. or base-band version you can identified Which version they into,

  • Model no. of International version would be GT-iXXXX
  • Model no. of Korean version would be  SHW-MXXX or SHV-EXXX
  • Model no. of US/Canada version would be  SGH-iXXX
  • Model no of Japanese version would be SC-XXX
Those all versions are original, but most of the people think that the only international version is original

In South Korea, there area three network providers. These three companies issue the mobile phones to the market. They are,
  1. SK Telecom
  2. Korean Telecom
  3. LG U+ Corporation
SK Telecom company issues Anycall phones
Korean Telecom company issues Olleh phones
LG U+ company  issues  LG U+ phones

When Korean mobiles boot, you can see the logo of  Anycall, Olleh and LG U+
Those logos are shown in the pictures below



Anycall

Olleh


LG U+

Most of the phones in back cover you can see the logo also. (ex. Samsung Galaxy S2). Otherwise you can identify checking the model no. or base band version that in which category to fall your phone. In model no. if the last letter is S, its a Anycall. If the last letter is K, it is Olleh. If the last letter is L, it is LG u+.

In Korean mobiles the model no. only be SHW or SHV.

These are the model no. of popular Samsung mobiles
  • S >>> SHW-M110S
  • S2 >>> SHW-M250S, SHW-M250K
  • S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-E110L
  • S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-E120L
  • S3 >>> SHW-M440S, SHW-M440K
  • S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-E210L
  • S4 Lte >>> SHV-E300S,  SHV-E300K,  SHV-E300L
  • S4 Lte-A >>>  SHV-E330S
  • Note Lte >>> SHV-E160S,  SHV-E160K, SHV-E160L
  • Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-E250L

Most Important:

  • If the model no. is not start with SHW or SH, definitely that is not a ORIGINAL KOREAN VERSION. 
  • ORIGINAL KOREAN VERSION  phone has a Ariel . If not, that is not a Original Korean version.
  •  When it remove the battery, you can see a sticker in housing. Letter are in Korean language. If you don't know Korean you can't reading rather than numbers. Below there is picture of the sticker of Galaxy Note. Other thing is the symbol marked in RED circle is only in Korean version phones.If those two facts only valid for Original Korean version phones.

The Brand of "Samsung" started in Korea.The mother company is in Korea. They make the best mobile out of other versions of Samsung for there market. Korean version is issued only to the Korean market. They use the best hardware items for their phone.

Be Careful

There are lots of copies (Replica/clone) of Galaxy S4 and Galaxy Note 3 in the market as well. There are in very low price like 120-150 USD in Sri Lanka. I hope some times there are in your country as well. In the sticker in back it is printed as "Made by Samsung by Korea" or "Made by Samsung by Vietnam". But none of these never made in Korea. These cheap copies would made in China. You can search on YOU TUBE about these copies. 

**********************************************************************************
Hope this blog might be helpful to you. If there is any mistake, you can correct it by commenting.
Hope you will share this post among your friends.

Thank you.



Saturday, March 1, 2014

SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද......!!!

 Click here to see the English translation

ශ්‍රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත් ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය හිතන්නේ කියන්නේ Korean version, International version  එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version එකට Anycall කියලත් කියනවා. 

දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........

මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක් තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්, දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.

  • International version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්, GT-iXXXX
  • Korean version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SHW-MXXX/ SHV-EXXX
  • US/Canada version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SGH-iXXX
  • Japan version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SC-XXX
මේ හැම එකක්ම original Samsung . ඒත් අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version විතරයි Original කියලා.

South Korean වල Network provider company 3 ක් තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel, Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????

  1. SK Telecom
  2. Korean Telecom
  3. LG U+ Corporation
SK Telecom company එකෙන් තමයි  Anycall (ශ්‍රි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි) දුරකතන නිකුත් කරන්නේ
Korean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත් කරන්නේ
LG U+ company  එකෙන් තමයි LG U+ දුරකතන නිකුත් කරන්නේ

බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට මේ කියන Anycall, Olleh, LG U+  logo එක display වෙනව. පහත පින්තුරවල තියෙනවා Logo.



Anycall

Olleh


LG U+


සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක තියෙනවා (උදා: Samsung Galaxy S2)
එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S තියෙන්නේ Anycall  , K තියෙන්නේ Olleh  ,  L තියෙන්නේ LG U+ .

Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G Lte  තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.

උදාහරණ
  • S >>> SHW-M110S
  • S2 >>> SHW-M250S, SHW-M250K
  • S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-E110L
  • S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-E120L
  • S3 >>> SHW-M440S, SHW-M440K
  • S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-E210L
  • S4 Lte >>> SHV-E300S,  SHV-E300K,  SHV-E300L
  • S4 Lte-A >>>  SHV-E330S
  • Note Lte >>> SHV-E160S,  SHV-E160K, SHV-E160L
  • Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-E250L

ඉතාම වැදගත්: 

  • SHW හෝ SHV වලින් Model no. පටන් ගන්නේ නැතිනම් එක original korean version එකක් නෙවෙයි. 
  • Original Korean  දුරකතනවල Ariel  එකක් තියෙනවා. Ariel  එක Original Korean එකක් හඳුනාගන්න තියෙන හොඳම ක්‍රමයක්. 
  • Original Korean දුරකතනවල බැටරි එක අයින් කලාම housing එකේ අලවලා තියෙන sticker එක Korean භාෂාවෙන් තියෙන්නේ. අපිට කියවා ගන්න පුලුවන් ඉලක්කම් විතරයි. පහල තියෙනවා galaxy note එකක පින්තුරයක්. තව දෙයක් තමයි එම පින්තූරයෙම ස්ටිකර් එකේ රතු පාටින් රවුම් කරලා තියෙන සලකුණ (K අකුර) තියෙන්නේ Original Korean version විතරමයි.
Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න. අපේ රටේ තේ බොන විදියට නෙවෙයි කොරියානුවෝ phone හදන්නේ. ඒ කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea) නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත් කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි හදන්නේ. 
අපේ රටේ තියෙන international version දුරකතන හදන්නේ China හෝ Vietnam  වල. Chinese නිෂ්පාදන ගැන ඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.

ප්‍රවේසම් වෙන්න

අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups වලයි.  අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ. ඒවා විකුණන්නේ "Made by Samsung by Korea" හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත් නෙවෙයි, China වල. මේවා Original දුරකතන නෙවෙයි බාල Copy (Replica). මේවා හඳුනාගන්න විදියYOUTUBE එකේ Video වල තියෙනවා ඕන තරම්. Searchකරලා බලන්න. 

ඒ ads වල Korean version කියලා තිබුනට එකේ Model No. එක දිලා තියෙන්නේ international version එකේ model no. eka එක. උදාහරණයක් විදියට S4 එක ගනිමු. Korean version එකේ Model No. එක SHV-E300S/K/L මිසක් GT-i9500 නෙවෙයි. 
වැදගත්ම කාරණාව තමයි Second hand Galaxy S එකකුත් 13,000 -15,000 වෙනවා නම්, Second hand Galaxy S2 එකකුත් 22,000 -24,000 වෙනවා නම් එම මිලටම Original Brand-New S4, Note3 දෙන්න පුලුවන්ද කියන එක???  මම නම් හිතන්නේ 15,000- 20,000 වියදම් කරලා බාල copy එකක් ගන්නවට වඩා අතේ තියෙන මුදලට එකක් original phone ගන්න එක හොඳයි කියලා.

**********************************************************************************

ඔන්න ඕක තමයි කතන්දරේ....... මම හිතනවා මේ ලිපිය අපේ අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. වැරැද්දක්, අඩුපාඩුවක් තියෙනවානම් comment කරලා නිවැරදි කරන්න.
අනිත් අයටත් දැනගන්න එක්ක share කරන්නත්  අමතක කරන්න එපා.

නියම කොරියන් දුරකතන ගැන දැනගන්න, පහත Facebook group එකට එකතුවෙන්න

https://www.facebook.com/groups/koreanphone/


Friday, February 28, 2014

Latest Firmware Updates for Samsung Galaxy Korean Version

Here you can download and flash the latest firmware updates for your Samsung Galaxy Korean version Smart Phone

Note:
This is only for the KOREAN VERSION, don't flash these firmware for other version.

Use any of following link to download the firmware

Link 1
Link 2

Also you need following stuffs to flash your phone
  1. Samsung USB drivers Download
  2. Odin 3.07 Download
See the How to convert your Samsung Galaxy S2 korean version(SHW-M250S/K) to International version (GT-i9100) for the guide lines to install the update

Two things may vary from the above guide line

1. (In Step 5) You don't have (don't want) *.pit file in this case. You have only the PDA file to browse on Odin

2. (In Step 5) Don't Check on "RE-PARTITION"  this time. It shouldn't be TICKED.

After doing all correct, your phone will reboot. Don't remove the cable until it appears "PASS"

Any doubt, please comment. I will try to help as much as I can.
Thank you for viewing my post.




Wednesday, February 26, 2014

Fixed the problem with POWER BUTTON MENU of Samsung Galaxy S2

After flashing the firmware of GT-i9100 to SHW-M250S/K, the SG S2 shutdown straightly when you long press the power button without getting the power button menu.

Lets we see how to fix the problem

Now you have installed the Samsung USB drivers to your computer and you have Odin in your computer as well.
If not use following links to download those two

  1. Samsung USB drivers Download
  2. Odin 3.07 Download
Lets we start

Step 1. Download this  SGS2_Powerbuttonfix.rar  and extract the .rar file (It contains update.zip and root explorer application)

Step 2. Copy the two files in to the SD card, insert the card to the phone and turn-off the phone

Step 3. Get you SGS2 to the RECOVERY mode.

Let's see how to do it

 Press HOME button+ VOL UP button  +POWER button  together. If you do successfully, you can see the recovery mode screen as in the below picture.





Step 4. Select the "Apply Update from external storage" (Use Vol UP and DOWN button to go up and down the list and use power button to select any option you need)

          Then you will see the available files in the SD card. Choose "update.zip file" (use Vol up and   down buttons and Power button as you did in step 4.) After than it will flash on your phone (take less than a one minute)

Step 5. Select Reboot your phone and phone will be rebooted.

Step 6. Install the "Root Explorer" application to the phone. (this application already in your SD card, if any password ask, type "galaxys2sl")

Step 7. Open “Root Explorer” and proceed to “efs” >>>>> “imei”.
            Create a new file & named it “keystr”  
            Keep touch on “keystr”, then it will display a list
                  Choose “open in text Editor” and type “ON” and select “Save and Exit”  

     Step 8. Again keep touch on “keystr” and select “permission” from the list.
                 Tick to all the options have
     Step 9. REBOOT the phone again.
                When you long press the power button now, it will not turn-off this time, you will see the power button menu as shown in the picture below. 

Any doubt, please comment. I will try to help as much as I can.
Thank you for viewing my post.